Local

පොලිස්පති ධූරය හිස්ව නැහැ – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදනයක් නොමැති බවද අද (26) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ශ්‍රේෂඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩබලන පොලිපතිවරයෙක් පත් නොකරනු ඇති බවත් තවමත් පොලිස්පති ධූරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන් බවත් එම ධූරය හිස්ව නොමැති බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන අතර වෙනත් ආයතනයට එහි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බවයි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

වත්මන් පොලිපතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය ආපසු හැරවිය නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු බවට අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයේ කිසිඳු නෛතික පදනමක් දක්වා නොමැති බවත් කිසිඳු නීතිමය පදනමකින් තොරව හුදෙක් නීතිවිරෝධී යැයි පෙනන නියෝගයක් පිළිගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි බවයි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago