Accident

බිහිසුණු ගුවන් අනතුරක් – 18ක් ජීවිතක්ෂයට (VIDEO)

නේපාලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සිදුව ඇත්තේ කත්මන්ඩු අගනුවර, යානය ගුවන්ගත කිරීමේදී බව සඳහන්.

ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන Pokhara වෙත නඩත්තු කටයුතු සඳහා ගමන් කිරීමට නියමිතව තිබූ එම Saurya Airlines යානයේ අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔවුන් ගුවන් සමාගමේ තාක්ෂණික කාර්ය මණ්ඩලය බව සඳහන්.

අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝවලට අනුව ගුවන්ගත වීමේදී යානය හදිසියේම පෙරළී ගොස් එහි පියාපත් තුඩ බිම වැදී ගින්නක් හටගන්නා අයුරු දක්නට ලැබේ.

අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් කත්මන්ඩු පොලිස් මාධ්‍ය ප්‍රකාශක විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, අනතුරින් ගුවන් නියමුවා හිසට තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago