Local

බැංකුවල රන් භාණ්ඩ උකසට තැබූ අයට රජයෙන් සහනයක් !

රන් ආභරණ බැංකුවල උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා..

පසුගිය සමයේ පැවති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම සෘජුව හා වක්‍රව අහිතකර අන්දමින් බලපාන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් කිරීම සීග්‍රයෙන් වැඩි වී ඇතැයි රජය පවසනවා.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන බලපත්‍රලාභී බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබා ගෙන ඇති අඩු ආදායම්ලාභී පුද්ගලයන් වෙත සහන සැලසීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව ගනුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබා ගත් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව, පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම පිණිස යෝග්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උකස් අත්තිකාරම් වල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් පමණ 172%කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවද රජය පවසයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago