Local

හිටපු ක්‍රිකට් නායක ධම්මික නිරෝෂන් ඝාතනයේ තවත් තොරතුරු එළියට !

වසය අවුරුදු 19න් පහළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් ඝාතනය කිරීමට මීට පෙර අවස්ථා දෙකක දී උත්සහා කර ඇති අතර ඉතාලියේ සහ ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයින් දෙදෙනෙකුගේ සැලසුම් මත මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ බව ප්‍රකාශ කර ඇති බවයි, පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමි ජාතික පුවත්පතක් තොරුතරු වාර්තා කළේ.

ඊට යොදාගත් ගිනි අවිය ඉතාලියේ වෙසෙන අයෙක් විසින් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ධම්මික නිරෝෂන් ඝාතනය කිරීම සඳහා තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී තිබෙනවා.

තමන් විසින් වෙඩි තැබීමෙන් අනතුරුව සෙසු පුද්ගලයා විසින් මන්න පිරි පහර එල්ල කළ බවයි, වෙඩික්කරු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ.මෙම වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් CCTV දර්ශන භාවිත කර තිබුණා.

ධම්මික ඝාතනය සඳහා මොහුට අමතරව තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා. ඔහු සන්තකයේ තිබී අදාළ අපරාධය සිදු කිරීමට යොදාගත් ගිනි අවිය සොයාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එම පුද්ගලයා සමඟ සමීප සබඳකම් පැවැත් වූ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ධම්මික ඝාතනයට පෙර සහ පසු ඇගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂයක් බැර වී ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

ධම්මික නිරෝෂන් පසුගිය 16 වැනිදා රාත්‍රියේ වෙඩි තබා මරා දැමුණු අතර පරණ කෝන්තර දෙකක් ඔහුගේ ඝාතනයට ඉවහල් වී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago