ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා විසින් නුවරඑළිය පොලිසියට නියෝග කර ඇත.
පසුගිය මැයි (30) දින අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑලිය පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (22) දින කරුණු වාර්තා කල අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කල බවයි වතු සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කල ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත සුහසිංහ මහතා කියා සිටියේ.
2024.05.30 දින කැලණි වැලි වතු සමාගමට අයත් නුවරඑලිය පීඩෘ තේ කර්මාන්ත ශාලාව තුලට අමාත්‍යවරයා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ක්‍රියාකිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…