Local

අතුරුගිරිය ඝාතනයේ සැකකරුවෙක් වන ටැටූ දුලාන් රහස් ප්‍රකාශයකට අවසර ඉල්ලයි !

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා සිටියාය.

ඒ අනුව අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගැනීමට නියමිතය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago