Local

රාජ්‍ය සේවක වැටුප පිළිබඳ සුබ පණිවිඩයක් !

විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව, පසුගියදා රාජ්‍ය සේවකයින්ට වැඩි වූ රුපියල් 10,000 දීමනාව ද සමඟ රුපියල් 15,000ක් සෑම සේවකයකුටම හිමිවනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනයක් සිදු කර, ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් දැනටමත් පත්කර තිබීම ද විශේෂත්වයක්.

මේ සඳහා වැයවන මුදල යම් ආකාරයකින් ජනතාවගෙන් අය කරගත යුතු අතර, එසේ නොවුණහොත් ඉදිරි මාස හතර සඳහා එය ගෙවීම ගැටලුවක් වන බවයි, එම කමිටුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයන් මත පල කරන්නේ, මෙය ඡන්ද තුරුම්පුවක් වන අතර එහි බර ඊළඟට පත්වන රජය මගින් දැරීමට සිදුවනු ඇති බවයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago