Local

රටට කීර්තිය ගෙනා ක්‍රීඩකයින්ට ඇමති හරීන්ගෙන් දැවැන්ත මූල්‍ය පරිත්‍යාග රැසක්!

මෙවර 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනාහට ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින්, රුපියල් ලක්ෂ 60 ක මුල්‍ය අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය කිරීම අද සිදු කරනු ලැබීය.

ඊට අමතරව චීනයේ Hangzhou හි පැවති පසුගිය ආසියානු ක්‍රීඩා සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පදක්කම් සහ මුල් ස්ථාන අට දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා රුපියල් ලක්ෂ 1280 ක ත්‍යාග මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමද සිදු විය.

බදුල්ල හද්දත්තාව ජාතික පාසලේ රග්බි ක්‍රීඩකයින් හට අවශ්‍ය ක්‍රීඩා උපකරණ කට්ටල පිරිනැමීමද මෙහිදී සිදු වූ අතර එම පාසල් රක්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් කොළඹට පැමිණියේ අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවය.

රටේ බරපතල අර්බුදකාරී මූල්‍ය වටපිටාවක් තුළ පවා ක්‍රීඩකයින් දිරිගැන්වීම උදෙසා මෙම පියවර ගත් බවත්,රටට අභිමානයක් එක් කිරීම උදෙසා සියලු ක්‍රීඩකයින්ට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරන බවත් මෙහිදී අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව පැවසූ ඒ මහතා, රට නියෝජනය කිරීමේදී විනය අතිශයින් වැදගත් බව ද පැවසීය.

මේ මොහොතේ රටේ ජනතාව සිටින්නේ ජයග්‍රහණයක අපේක්ෂාව බලාපොරොත්තුවෙන් බව පැවසූ ඒ මහතා රටේ ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් කැප වෙන ලෙසද සියලු ක්‍රීඩක ක්‍රීඩීකාවන්ගෙන් ඉල්ලා සිටියේය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago