වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුසංඛ තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබෙනවා.
දඹුල්ල සික්සර්ස් සහ ගාල්ල මාර්වලස් අතර තරගයේදී ඩිල්ෂාන් මධුශංක පළමු මට්ටමේ වරදක් වන චර්යාධර්ම සංග්රහයේ 2.5 වගන්තිය කඩකිරීමට වරදකරු වීම නිසා දඩුවම පැනවූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පැවසීය.
පිතිකරුවෙක් දැවී යෑමෙන් පසුව අපහාස වන ආකාරයේ හෝ නොගැළපෙන ලෙස ප්රතිචාර දැක්වූයේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදී ඔහු වරද පිළිගත් බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩි දුරටත් පැවසීය.