ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළහොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකියි – මෛත්‍රීගෙන් ප්‍රකාශයක් !

506 Views
1 Min Read

ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළහොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි.

ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත්, එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

ජනාධිපතිරණ ඡන්දය අනිවාර්යෙන්ම තියන්න වෙනවා. නොතියා බෑනේ.. කවුද කියන්නේ ඕක කල් යයි කියලා.. ඕක කල් දාන්න බැහැ කිසිසේත්ම.. එහෙමනම් ඉතින් මේ රටේ දහස් ගණනක් ලේ වැගිරීම් ඇතිවේවි.. අනිවාර්යෙන්ම ව්‍යවස්ථාවට අනුව කොහෙත්ම ඡන්දේ කල්දාන්න බැහැ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සූදානම්.. පක්ෂය කියන්නේ ප්‍රතිපත්ති හා දර්ශනයක්.. ඒවා නැති අයට මේ පක්ෂය දෙන්න බැහැ.. ජනාධිපතිවරණයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් එනවා.. මේ වෙනකොටත් තෝරගෙන තියෙන්නේ අපි…”

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩුදුරටත් පැවසී ය.

Share This Article
Leave a comment