මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනවා.
මෙම මාසය අවසන් වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.
ඒ අනුව සැප්තැම්බර් 17 න් පසුව එළඹෙන සුදුසු දිනකදී ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අද (16) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද මැතිවරණ කොමිසමේදී පැවැත්වමින් එතුමා මේ බව පැවසුවා.
මේ අතර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හෙට (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට මුදල් ලබා ගැනීම සහ ඒ ආශ්‍රිත කටයුතු පිළිබඳ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවයි. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව ද සභාපතිවරයා පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…