Local

ළමා නිවාසයකින් දැරියන් 6 දෙනෙක් පළා ගිහින් !

මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් දැරිවියන් හයදෙනෙක් ඊයේ රාත්‍රියේ පළා ගොස් තිබෙනවා.

එම පළා ගිය දැරිවියන් හයදෙනො අගුලාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (15) සිය බාරයට ගත් බව පොලීසිය පවසන්නේ.

මෙසේ පලා ගිය සිසුවියන් අතර අවුරුදු 15 තිදෙනෙකු අවුරුදු 16 දෙදෙනකු හා අවුරුදු 18 එක් අයෙකු වනවා.

අධිකරණ නියෝග මත පරිවාස දෙපාර්තමේන්තුව හරහා රැකවරණයට සුදුසුකම් ලැබෙන බාල වයස්කාර දැරිවියන් රදවා සිටින මෙම රැකවරණ මධ්‍යස්ථානයේ දැනට දැරිවියන් 22 රඳවා සිටින අතර ඉන් දැරියන් හය දෙනකු මෙසේ පලා ගොස් තිබෙනවා.

ඊයේ( 14) දැරිවියන් 22 ආහාරය බෙදා වෙන්කර තිබූ අතර රාත්‍රී 8.45 පමණ වන තෙක් හය දෙනෙකුගේ ආහාර පිගන් ඉතිරිව තිබීම පිළිබදව සැක සිතී එහි පාලිකාව විපරම් කර බැලීමේදී මෙසේ හය දෙනෙකු පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

දැරියන් රැඳී සිටි නිවස එක් දැරියකගේ ඥාති නිවසක් බව පවසන පොලීසිය දැරියන් මෙසේ අනාරක්ෂිතව පලායාමට හේතුව කුමක්දැයි විමර්ශන පවත්වත්වනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago