විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසංලක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
මේ බව ඔහුට පසුගිය සිකුරාදා නිල වශයෙන් දැනුම් දී ඇති බවයි, ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් පත වාර්තා කළේ.
ඒ අනුව චරිත් අසලංක ඉන්දියාව සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ සිට ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කරනු ඇති.
වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමත් සමඟයි අදාළ පත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත්තේ.
වනිඳු ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මාස හයකට ආසන්න කාලයක් කටයුතු කළ අතර එම කාලයේ දී ඔහුගේ හැසිරීම සහ නායකත්වය සම්බන්ධයෙන් දැඩි විවේචන ප්‍රසිද්ධියේ එල්ල වුණා.
ඒ හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉවත් වන බවට දැනුම් දුන් බවයි, පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
පසුගිය සිකුරාදා චරිත් අසලංක සහ තේරීම් කමිටුවේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවේ දී ඉදිරි තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් සංයෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද සඳහන්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
අදාළ තරගාවලියට තරග තුනක් ඇතුළත්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…