Local

බන්ධනාගාරගතව සිටි පොලිස් පරීක්ෂකවරයෙක්ගේ මුහුණ කපලා !

අල්ලස් ලබාගත් බවට වූ චෝදනාව යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සිටි පොලිස් පරීක්‍ෂකවරයාගේ මුඛය ප්‍රදේශය පාතල සාමාජිකයෙකු යැයි කියන පුද්ගලයෙකු විසින් බ්ලේඩ් තලයකින් කපා තුවාල කර තිබෙනවා.

තුවාල ලැබූ සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ කම්මුල ප්‍රදේශයට මැහුම් කිහිපයක් දමා ඇතැයි ද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පවසනවා.

පාතාල නායකයෙකුව සිටි ප්‍රින්ස් කොලොම් නැමැත්තාගේ ගෝලයෙකු මෙම පොලිස් පරීක්ෂකවරයාගේ මුහුණ තුවාල කර ඇතැයි වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයකුගෙන් පළමුව රුපියල් ලක්‍ෂ තුනක මුදලක් ලබාගෙන ඉතිරි රුපියල් 1,54,200ක් අපරාධ කොට්ඨාශය තුළදී ලබාගනිද්දි මෙම පොලිස් පරීක්‍ෂකවරයා හා ඔහු සමග සිටි කොස්තාපල්වරයකු ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය 09 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු 23 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago