සිය නිල නිවසට නීති විරෝධීව විදුලිය සහ ජලය ලබා ගැනීම පිළිබඳ අධිකරණ ඇමතිවරයා විසින් ම අපරාධ චෝදනා එල්ල කරන ලද ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත් සහ වත්මන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර ඇත.
වර්තමාන මහේස්ත්‍රාත්වරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පිහිටි නිල නිවසට පැමිණීමට පෙර එහි සිටි මහේස්ත්‍රාත්වරයා වන කෝසල සේනාධීර විසින් නීති විරෝධී ලෙස නිල නිවසට විදුලිය ලබාගෙන ඇති බවත් අදාළ නීති විරෝධී විදුලි රැහැන හේතුවෙන් විදුලි සැර වැදී විදුලි කාර්මිකයෙකු බරපතල ජීවිත අනතුරකට පත් වූ බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙලිදරව් කරන ලදී.
මහේස්ත්‍රාත් ධූරයේ අත්ත්නෝමතික ලෙස කටයුතු කරන බවට ඔහුට විරුද්ධව ජනාධිපති නීතීඥවරු විසින් ද මීට ඉහතදී අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇති බවට ද වාර්තා වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…