කොළඹ-අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයට රණාල සුදවිල ප්රදේශයේ බෝ ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු සදහා බාදා එල්ල වී ඇති බව නවගමුව පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් ප්රදේශයේ විදුලි කණු ගණනාවකට හානි සිදුව ඇති අතර ප්රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවද පොලිසිය පවසනවා.
ඒ අනුව මෙම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් තාවකාලික බර වාහන යාම නවතා දැමීමට පොලිසිය කටයුතු කර තිබේ මේ වනවිට ප්රදේශවාසීන් සහ පොලිසිය අතු කපා දැමීමට කටයුතු කරමින් සිටි .