Local

මැර ප්‍රහාරය එල්ලවූ එජාප කාර්යාලය බලන්න හරින් දඹුල්ලට !

එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට තිබු පුවරු කිසියම් පිරිසක් විසින් කඩා දමමින් මැතිවරණ ප්‍රචණ්ඩකාරී අයුරින් ක්‍රියා කර තිබෙනවා.

මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ, දඹුල්ල මහ නගර සභාවේ හිටපු මංත්‍රිනි මායා පාදෙණිය මහත්මියගේ නිවස තුළය.

මෙසේ හානි කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා දඹුල්ල ආසන සංවිධායකගේ රුව සහිතව ඉදිකර තිබු පුවරුවලටයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කර ඇති අතර එම තත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ විනාශය සිදු කළ කණ්ඩායම් පිළිබඳව සොයා බලා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ඔවුන්ට වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා එහිදී පොලිසියට උපදෙස් දී ඇති අතර අභියෝගයක් බාරගත නොහැකි විපක්ෂයේ කල්ලි විසින් සිදු කරන මෙවැනි බියගුළු ක්‍රියාමාර්ග තුළින් ප්‍රදර්ශනය වන්නේ විපක්ෂය තුළ ඇති බංකොලොත් බව සහ පරාජිත ස්වභාවය යැයි එහිදී අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබදව දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය පිළිබදව දඹුල්ල පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago