Sports

දකුණු අප්‍රිකා තරඟයට පෙර දින රාත්‍රියේ ශ්‍රී ලංකා පිල මත්පැන් සාදයක් පවත්වලා?

පසුගියදා නිමාවූ 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දකුණු අප්‍රිකාව සමග තරඟයට පෙර දින රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුවන් සහ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මත්පැන් සාදයක් පවත්වා ඇතිබව “The Morning” පුවත්පත වාර්තා කර සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේ කණ්ඩායමේ සහකාර කළමණාකරුගේ කාමරය තුල සිදු වූ බව කියන මෙම මත්පැන් සාදයට කණ්ඩායම් කළමණාකරු, ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් තිදෙනෙක්, වේග පන්දු යවන ක්‍රීඩකයෙක් සහ ලෝක ප්‍රසිද්ධ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට තිබූ ප්‍රබල තරඟයක් අතරවාරයේ ICC තරඟ නීති උල්ලංඝනය කරමින් මෙවන් කටයුතු සිදු කිරීමට ක්‍රීඩක කළමණාකරුවෙකු සහ කණ්ඩායමේ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයන් ගත් තීරණය දකුණු අප්‍රිකා තරඟයට දැබි බලපෑමක් එල්ල කිරීමට සමත් විය.

කෙසේ වෙතත් කණ්ඩායමේ වගකිව යුතු නිලධාරීන්ට සහ මාධ්‍යට මෙම සිද්ධිය වාර්තා කල යුතුව තිබුණත් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු විසින් එය වාර්තා නොකිරීමට උපදෙස් දුන් බවත් සඳහන් වේ.

සංචාරය අතරවාරයේදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනෙකු එකවරම අතුරුදහන් වී ඇති අතර ඔවුන් තිදෙනා ප්‍රමාදයකින් පසුව නැවත කටාර් ගුවන් තොටුපල වෙත පැමිණීම හේතුවෙන් අත් වූ ප්‍රමද දෝශය ද එම ජ්‍යෙෂ්ඨ උපදේශකයා විසින් සංචාරක වාර්ථාවට ඇතුලත් නොකරන ලෙස උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟය පරාජය වීමත් සමග ශ්‍රී ලංකා පිලේ අදක්ෂතාව සහ නොහැකියාව වැඩි දුරටත් ඉස්මතු වූ අතර කණ්ඩායම දැඩි විවේචනයන්ට ද ලක් විය. එම පරාජයත් සමග කණ්ඩායමට දැඩි විරෝධයක් ලාංකීය ප්‍රේක්ෂ්කයන් අතර පැතිර යන ලදී.

මේ අතර ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරුව සිටි ක්‍රිස් සිල්වර්වුර්ඩ් තවදුරටත් එම තනතුරහි රඳවා ගැනීමේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම අත්හිටවනු ලැබුවේ ද මෙම කාරණාවන් බව සඳහන් වේ. තවත් සහය පුහුණුකරුවෙකු වන නවීඩ් නවාස් ද ශ්‍රී ලංකා පිල බිඳ වැටීමෙන් පසු ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් කරන ලදී.

මෙවන් වටපිටාවක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට්හි බිඳ වැටීමට කළමණාකාරීත්වයේ බලපෑම දැඩි ලෙස හේතු වී ඇති අතර එය ක්‍රීඩාවේ ජීව ගුණයට මරු පහරක් එල්ල කරන්නක් වැනිය. මෙවන් අකටයුතු පිළිබඳව සොයා බලා නිසි පියවර ගැනීම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ කළු පැල්ලම් ඉවත් කර ක්‍රිකට් වසන්තය උදා කර ගැනීමට පිටුවහලක් වනු ඇත.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago