අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිසට අදාල ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද වන බවයි පොලිසිය සඳහන් කළේ.
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ටැටූ කලාගාරයක් විවෘත කිරීමේ උත්සවයකදී පැමිණ සිටි පිරිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ඊයේ පෙරවරුවේදී යි.
එහිදී වෙඩි වැදීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ජීවිතක්ෂයට පත් වූ අතර, ජනප්‍රිය ගායිකාවක වන කේ. සුජීවා ඇතුළු 06 දෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කරනු ලැබුවා.
එහිදී බරපතළ තත්ත්වයේ සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ක්ලබ් වසන්තගේ බිරිඳද වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබුවා.
පොලිසිය විසින් සිදුකළ විමර්ශන අතරතුරදී සැකකරුවන් විසින් පැමිණ, වෙඩිතබා පලා ගිය මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී සොයා ගැනුනේ ඊයේ පස්වරුවේයි.
අනතුරුව එම ස්ථානයේ සිට වෙඩික්කරුවන් පලාගිය සුදු පැහැති වෑන් රථය බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ රාත්‍රියේ සොයා ගැනීමට සමත් වුණා.
එමෙන්ම, අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කරනු ලැබුවේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…