Foreign

ටයිටැනික් ගීතයට පණ දුන් Celine Dion ට මොකද වුනේ ?

“Every night in my dreams. I see you, I feel you…”Yeah! I feel your pain”

1968 මාර්තු 30 වන දා උපත ලද සෙලීන් ඩියෝන් (Celine Dion) කැනේඩියානු ගායිකාවකි. පොප් (pop), රොක් (rock), R&B, gospel සහ කැසිකල් ආදී එකී මෙකී නොකී සියලුම ගායන අංශයන්හි දස්කම් පෑ ඇයගේ ඇල්බම් මිල දී ගැනීමට පවා ලොව පුරා රසික හදවත් මහත් ඇල්මක් දක්වා තිබුණි.

ප්‍රංශ ගීතයට පදවැල් අමුණමින් තම සංගීත දිවිය ඇරඹූ ඇය පසුව ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, ලතින්, ජපන් සහ චීන යන භාෂාවලින් ද ගායනා කර තිබුණ ද ඇය ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා වලින් ගීත ගැයූ කෝකිලාවියකි.

“The Power of Love”, “Think Twice”, “Because You Loved Me”, “It’s All Coming Back to Me Now”, “My Heart Will Go On”, “I’m Your Angel”… ආදී රසික හඳවත් මුසපත් කල ගීත වලට පණ දුන්නේ ද Celine Dion විසිනි.

කෙසේ වෙතත් මේ දිනවල ඇයගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් සුභදායක නොවන බවට වාර්තා වේ. ඇගේ මාංශ පේශී පාලනය කළ නොහැකි අන්දමින් වේදනා ඇති කරවන අතර ඇවිදීමේ සහ ගායනා කිරීමේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණපෑමට ඇයට සිදු වී ඇති බව ඇය පැවසුවා ය. ලබන වසරේ එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සැලසුම්ගත සංදර්ශන සඳහා ද ඇයට සහභාගී විය නොහැකි බව වාර්තා වේ.

“මම දිගු කලක් තිස්සේ මගේ සෞඛ්‍ය ගැටලු සමඟ කටයුතු කරමින් ඉන්නවා” ඩියෝන් තවදුරටත් පැවසීය.

මෑතකදී මට ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝමය (Stiff Person Syndrome) නම් ඉතා දුර්ලභ ස්නායු ආබාධයක් ඇති බව හඳුනාගෙන ඇති බව ඇය පැවසූ අතර එය මිලියනයකින් එකකට බලපාන ස්නායු ආබාධයකි.

“අපි තවමත් මෙම දුර්ලභ තත්වය ගැන ඉගෙන ගනිමින් සිටින අතර, මම දැන් දන්නවා මට ඇති වූ සියලුම කැක්කුම් ඇතිවීමට හේතුව මෙයයි.” යනුවෙන් ඇය ඉන්ස්ටගෑමයෙහි වීඩියෝවක් පල කරමින් තම සංවේදී තතු ඉදිරිපත් කළා ය.

කෙසේ වෙතත් මෙම දුෂ්කර කාලය නිමා කරමින් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

39 minutes ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

5 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

5 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

5 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

19 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

19 hours ago