ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය පැවැත්වුණා. ඒ ඊයේ (04) කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර ගත වූ වසර 23 ක් තුළ එහි සාමාජික රටවල් ගණන 10 ක් දක්වා වැඩි වී ඇති බවයි. මෙය මහාද්වීප 3 කට අයත් රටවල් 26 ක් සම්බන්ධ කර තිබෙනවා.
වර්තමානයේ, විවිධ විපර්යාසයන්ට මුහුණදෙන ගෝලීය මානවයා ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. එහෙයින් ඉතිහාසයේ නිරවද්‍යතාව සහ සාධාරණත්වය සහතික කිරීමට මෙම සංවිධානය ලෝකයට සැබැවින් ම වැදගත් වන බව ද ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළා.
සීතල යුද මානසිකත්වයෙන් එල්ල වන තර්ජන හමුවේ සහයෝගයෙන් යුතුව තිරසර ආරක්ෂාව පිළිබඳ දැක්ම අනුගමනය කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නා.
විද්‍යා හා තාක්ෂණ අංශවලට ඍජුව බලපාන පරිදි ඇමරිකාව චීනයට එල්ල කරන නිරන්තර බාධා හමුවේ සංවර්ධන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළා.
මේ අතර, 2024-2025 ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය චීනය වෙත පැවරීමට ද එහිදී තීරණය කෙරුණා. චීනය එම වගකීම දරන්නේ වසර 7 කට පසුව වීම ද විශේෂත්වයකි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…