Local

හම සුදු කරගන්න ක්‍රීම් ගාලා වකුගඩු කුඩු කරගෙන – චර්ම රෝග විශේෂඥවරුන්ගෙන් අනාවරණයක් !

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ආලේපනයන් හී අන්තර්ගත රසදිය සාන්ද්‍රණය ඉතා අධික බැවින් එය වකුගඩු රෝග ඇති කිරිමට හේතුවක් වී ඇතැයි චර්ම රෝග විශේෂඥවරු පෙන්වාදෙති.

රසදිය සාන්ද්‍රණය ඉතා අධික ආලේපනයන් මුලු සිරුර පුරා ආලේප කිරිමට බොහෝ අය පුුරුද්දක් කරගෙන ඇති බැවින් එම ආලේපනයන් හී අන්තර්ගත රසදිය සම හරහා රුධිර සංසරණ පද්ධතියට එකතු වී වකුගඩු රෝග ඇති කිරීමට සමත් විමද වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක් වී ඇති බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ඊයේ (3) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

රසදිය අන්තර්ගත ආලේප භාවිත කිරීමෙන් පිළිකා රෝග වැළදීමට ප්‍රථම වකුගඩු රෝග ඇතිවීම අවදානම ඉක්මන් විය හැකි බවද ඇය පෙන්වාදේ.

සුදුවීම සඳහා ක්‍රීම් භාවිත කළ බොහෝ පිරිසක් සායන වෙත පැමිණෙන බවත් ඒ අයගේ අත්ල , පතුල් කළු පැහැ ගැන්වි ඇති බවත් නියපොතු දුඹුරු පැහැයකින් තැඹිලි පැහැයකින් දිස්වෙන බවත් පෙන්වා දෙන විශේෂඥවරිය මෙවැනි තත්ත්වයන් පෙරට වඩා දැන් දැන් වැඩිවෙමින් පවතින බවද පැවසුවාය.

රසදිය භාවිත මුළුමනින්ම ශුන්‍ය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඇය සදහන් කළාය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

1 hour ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

2 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago