Local

ඇලවුණු කුළුනෙන් වැටී ජීවිතක්ෂයට පත් වූ සිසුවා සහ සිසුවියගේ මරණය අභිරහසක් – අධිකරණ වෛද්‍යවරයාගෙන් විවෘත තීන්දුවක් !

කොම්පඤ්ඤ වීදීයේ පිහිටි අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී ජීවිතක්ෂයට පත් වූ පාසල් සිසුවා සහ සිසුවියගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කොළඹ ජාතික රෝහලේ දී සිදුකළ අතර එහිදී මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

මෙය සිය දිවි හානි කරගැනීමක් බවට පොලිසිය සැක කළත් මෙම මරණ තවමත් අභිරහසක් වන අතර තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

මහල් 70කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර තිබූ ස්ථානයේ තිබී මොවුන්ගේ මළ සිරුරු සොයා ගැනුණේ පෙරේදා පස්වරුවේයි.

මෙලෙස මියගොස් තිබුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් සහ කැළණිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන අතර මොවුන් 15 හැවිරිදි වියේ පසුවනවා.

කොළඹ ජාත්‍යන්තර පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොවුන් පෙරේදා පාසැල නිමවී කොම්පඤ්ඤ වීදියේ ස්ටැපල් ප්‍රදේශයේ පිහිටි මහල් 70කින් යුත් අදාල සුපිරි මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණ තිබුණා.එහි 05 වන මහලේ පිහිටි කාය වර්ධන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති ඔවුන් එම ස්ථානයේදී සිය පාසැල් ඇඳුම් මාරු කර වෙනත් ඇදුම් පැළද 67 වන මහලට පිටව ගොස් ඇති බවයි සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙන්නේ.

පසුව ඔවුන් මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලට පිටතින් බැසීමට ඇති පඩිපෙළ ගොස් සිය පාවහන් ගලවා මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනද එම ස්ථානයේ තබා තිබෙනවා.එසේම එම ස්ථානයේ තිබී දුම්වැටි පැකට්ටුවක් සහ හිස් ලියුම් කවරයක් ද පොලිසිය සොයාගෙන තිබුණා.

මෙම සිසුවිය මීට පෙර අවස්ථාවකදීද සියදිවි නසාගැනීමට උත්සහා දරා ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ ඇති බවට මේවන තෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago