Local

ඇලවුණු කුළුණින් පහළට පැන්න සිසුවා හා සිසුවියගේ අභිරහස කුමක්ද?

කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයකින් වැටී අවුරුදු 15ක් වයසැති සිසුවෙක් සහ සිසුවියක් මියගොස් තිබෙනවා.

මහල් 70කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ 03 වන මහලේ පිහිටි වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබී මොවුන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී ඇත්තේ ඊයේ රාත්‍රියේයි.

සිද්ධියෙන් මියගිය පිරිමි දරුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දැරිය කැළණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා කොළඹ පෞද්ගලික පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

ඊයේ පාසැල් නිම වී මොවුන් දෙදෙනා අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථාන වෙත ගොස් එහිදී පාසැල් ඇදුම් මාරු කර අදාළ බෑග එම මධ්‍යස්ථානය තුළ තබා 67 වන මහලට ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මේවන විට මියගිය සිසුවාගේ සහ සිසුවියගේ දෙපාර්ශවයේ දෙමාපියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන අතර දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ද නොතිබු බව දෙමව්පියන් විසින් එහිදී සඳහන් කර ඇතිබව වාර්තා වෙනවා.

දෙදෙනාගේ මෘත ශරීර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

11 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

12 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago