Education

විශ්වවිද්‍යාල සිසුන්ට ආරංචිය සුබයි !

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවය.

“අපි පැහැදිලිව දැනුම්දුන්නා රාගවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව. මේ වෘත්තීය ක්‍රියාමර්ග අවසන් කිරීමට නම් අපගේ 2017 අනුමත මාසික හිලව් දීමනාව අපිට ඒ ආකාරයෙන් ලබාදිය යුතු බව ඒ අනුව ඔවුන් එකඟතාවයට එළඹුණා අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබාදෙන බවට. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ අපට ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා. අද හෝ හෙට කියලා එතුමා කිව්වේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩවර්ජනයට සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. යම් විදිහකින් පාලන අධිකාරිය මේ සඳහා සාධනීය විසඳුමක් දීමට අපොහොත් වුණොත් අනිවාර්යෙන්ම වෘත්තීය ක්‍රියාමර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.”       

මේ අතර සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් දිවයිනේ සියලු පාසල් ඉදිරිපිට අද (02) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වන බව ගුරු වෘත්තීය සමිති පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago