Local

ව්‍යාජ ඇමතුමකින් නඩු 16ක් කල් දමයි !

මහනුවර අධිකරණ සංකීර්ණයේ අද (02) විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු කල් තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට අසත්‍ය තොරතුරක් පැතිර යාම හේතුවෙන්.

ඒ අනුව එම සියලු නඩු විභාග ලබන 16 වැනිදා දක්වා කල් තැබීමටයි පියවරගෙන ඇත්තේ.

අද පෙරවරු 10.00ට පමණ මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකථන ඇමතුමක් ලැබී තිබුණා.

ඒ හේතුවෙන් පොලිසිය වහාම ක්‍රියාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව අධිකරණ සංකීර්ණය තුළ සිටි සියලු දෙනා ඉවත් කර පරීක්ෂා කළ බව සඳහන්.

කෙසේ වෙතත් කිසිදු බෝම්බයක් ඇති බවට තොරතුරු හෙළි නොවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ ව්‍යාජ ඇමතුම ලබා දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

අද දින මෙම අධිකරණ සංකීර්ණයේ නඩු 16ක් පමණ විභාග කිරීමට නියමිතව තිබූ බව සඳහන්.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

උසස් පෙළ දින තුනකට නවතා දමයි !

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට…

2 minutes ago

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

4 hours ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

8 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

9 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

9 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

22 hours ago