Cricket

මතීෂට ඉන්දියාවෙන් රන් සම්මානයක් !

ඉන්දියාවේ විශේෂයෙන් දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය සම්මාන වැඩසටහනක් වන Behindwoods Gold Icon සම්මාන උළෙලේ 2024 වසරේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි රන් සම්මානය ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හිමිව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම කොදෙව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ වැනි විදෙස් ක්‍රිකට් තරුද මීට පෙර මෙම සම්මාන උළෙලේදී ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි සම්මානය ජයග්‍රහණය කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින මතීෂ, මෙම වසරේදී මෙන්ම ඉකුත් වසරේද පැවැති අයි.පී.එල්. තරගාවලියේදීද සමස්ත ඉන්දියාවේම ආකර්ෂණීය ක්‍රීඩකයෙකු බවට පත්විය.

Behindwoods Gold Icon සම්මාන උළෙල දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය සම්මාන උළෙලක් වන අතර, මෙය සිනමාව, ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වර්ගීකරණය කර සම්මාන ප්‍රධානය කරනු ලබයි.

ඉන්දීය තෙලිඟු සිනමාවේ ජනප්‍රිය තරු දෙපළක් වන රෂ්මිකා මන්දනා හා විජේ දේවරකොන්ඩා රංගනයෙන් දායක වූ ගීතා ගෝවින්දම් සිනමා පටයේ ආකර්ෂණිය කොටසක් රංගනයෙන් වේදිකා ගතකළ අවස්තාව සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ මිලියන ගණනින් ජනප්‍රිය වූයේද මෙම Behindwoods වේදිකාව හරහාය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago