පානදුර වලාන ප්‍රදේශයේදී පික්මී කුලී මෝටර් රථ රියෙදුරෙකු කළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ හිස ප්‍රදේශයට තුවාල සිදුව ඇති එම පුද්ගලයා මේ වන විට පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි.
ඊයේ (29) රාත්‍රියේ අදාළ කුලී මෝටර් රථයෙන් ප්‍රවාහන සේවාව ලබා ගෙන ගාස්තුව ගෙවීමෙන් පසු ඉතිරි මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී රියදුරු විසින් ඔහුට පහර දී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
රියදුරු ඉතිරි මුදල් ලබා දීමකින් තොරව පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී මගී පුද්ගලයා විසින් ඉතිරි මුදල ඉල්ලා සිටීමත් සමග ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.
එය දුරදිග යාමෙනුයි රියදුරා විසින් මෙලෙස පහර දී පලා ගොස් ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පික්මී කුලී රථ සේවා සමාගම සඳහන් කළේ අදාළ රියදුරු සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට කටයුතු කරන බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…