ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ පසුගියදා අතුරුදන් වූ ඊශ්‍රායල ජාතික තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කැලයක් තුළ සිටියදී විමර්ශන කණ්ඩායම් විසින් සොයා ගෙන තිබේ.
ඔවුන් විසින් ඊයේ (29) පස්වරුවේ ඇයව සොයාගෙන ඇත.
තමර් අමිතායි නැමැති 25 හැවිරිදි එම ඊශ්‍රායල ජාතික තරුණිය ඉකුත් 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ සංචාරයක් සඳහාය.
නවාතැන් ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හෝටලයක් සතියක කාලයක් සඳහා ඇය වෙන් කරවාගෙන තිබුණාය.
කෙසේ වෙතත් ඉකුත් 26 වනදා පස්වරුවේ සිට ඇය අතුරුදන් වී ඇති අතර, හෝටලයේ හිමිකරු ඒ සම්බන්ධයෙන් උප්පුවේලි පොලීසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව, උප්පුවේලි පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, උප්පුවේලි ප්‍රාදේශිය සභාව සහ නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව තරුණිය සොයා විමර්ශන ආරම්භ කළේය.
ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (29) පස්වරුවේ අදාළ තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කැලයක් තුළ සිටියදී සොයා ගැනුණි.
සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලීසියෙන් කළ විමසීමකදී එහි නිලධාරින් පැවසුවේ තරුණිය යම් සිහිමද තත්ත්වයකින් පෙළෙන බවත් ඇය විසින්ම අදාළ කැලෑ ප්‍රදේශයට යන්නට ඇතැයි අනුමාන කරන බවත්ය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තවමත් තරුණියගෙන් ප්‍රකාශයක් ලබාගෙන නොමැති අතර ඇය මේවන විට ත්‍රිකුණාමලය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…