වවුනියාව සෙට්ටිකුලම රෝහලේ ගිලන් රථයක් තුළදී රෝගියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි ලැබීමෙන් පසුව ඒ පිළිබඳව පූර්ණ පරික්ෂණයක් අද (28) ආරම්භ කොට තිබෙනවා.
චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි තිරුනාවුකරසු ආනන්දරාසා නමැති දෙදරු පියෙකු පපුවේ වේදනාවක් හේතුවෙන් පසුගිය ඉරිදා (23) ප්‍රතිකාර සඳහා චෙට්ටිකුලම් මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරුව ඔහුගෙන් ලබා ගත් රුධිර සාම්පල පරීක්‍ෂණ සඳහා වවුනියාව මහ රෝහලට යවා ඇති අතර, රෝගියා වහාම ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කරන ලෙස වවුනියාව මහ රෝහල චෙට්ටිකුලම මූලික රෝහලට දැනුම් දි තිබණි.
ඉන් අනතුරුව බදාදා (26) පස්වරු 3 ට පමණ රෝගියා ගිලන් රථයක් මගින් සෙට්ටිකුලම් මූලික රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහල වෙත යවා ඇත.
ගිලන් රථය පිටත් වී කිලෝමීටර් 15ක් පමණ ගිය පසු තවත් එක් අයකු රැගෙන යාමට අවශ්‍ය බව පවසමින් ගිලන් රථය යළිත් චෙට්ටිකුලම මූලික රෝහලට කැඳවා තිබේ.
ගිලන් රථයෙන් ආපසු රැගෙන ආ රෝගියා පෙරේදා (26) චෙට්ටිකුලම් රෝහලේදී මිය ගොස් තිබිණි. වැඩිදුර ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහු මිය ගිය බවට ඥාතීන් සහ ප්‍රදේශවාසීහු රෝහලට චෝදනා කළහ. රෝගියා මියගිය පසුව ඥාතීන් සෙට්ටිකුලම රෝහල වට කොට කෑ කෝ ගසන්නටත් විරෝධය පලකරන්නටත් පටන් ගත් අතර පොලීසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කළේය.
මියගිය පුද්ගලයාගේ දේහය ඊයේ (27) වවුනියාව රෝහලට රැගෙනවිත් හදිසි මරණ පරීක්ෂක කරුණානිධි හරිප්‍රසාද් ඉදිරියේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදුන්නේය.
පසුව ඥාතීන් වීසින් සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වවුනියාවේ ඉහළම සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.ඒ අනුව අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…