වවුනියාව මහ රෝහලේ සේවකයෙකු රෝහල් වාට්ටුවක් තුළ ගෙළ වැල ලා ගෙන මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර රෝහල් සේවකයින් පිරිසක් විසින් ඊයේ ( 27 ) සොයා ගෙන තිබේ.
වවුනියාව මහ රෝහලේ ගේට්ටු මුරකරුවකු ලෙස කාලයක්ම සේවය කරමින් සිටින මොහු මානසික ආතතියක් මත රෝහලේ අංක 12 දරණ වාට්ටුවට ඇතුළත් කොට තිබේ.
ඔහු එම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී වාට්ටුවේ කෙලවරක ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී රෝහල් සේවකයින් පිරිසක් ඒ බව දැක රෝහල් පොලීසියට පැමිණිලි කොට තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වවුනියාවේ නොචිමොට්ටෙයි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කේ.ජිවරාජා නැමැත්තෙකි.
වවුනියාව පොලීසිය හා රෝහල් පොලීසිය එක්ව මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකොට තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…