Business

පියුමි හංසමාලිගේ කුරියර් සේවා ප්‍රධානියාගෙන් ප්‍රකාශ සටහන් කර ගනී !

පියුමි හංසමාලි මහත්මියගේ රූපලාවන්‍ය ආලේපන බෙදා හරින ලද කුරියර් සේවා සමාගමේ නිලධාරින් 04 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (27) දින ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඒ අතර කුරියර් සමාගමේ ප්‍රධානියාද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ, නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.

අද දිනයේ නැවත ඔවුන් 04 දෙනාට ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවත් පියුමි හංසමාලිගෙන් ඉදිරි දිනක ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙම කුරියර් සමාගමේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26) අවසර ලබාදුන්නා.

අසීමිත ධනස්කන්ධයක් ඉපයීම සම්බන්ධයෙන් පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී මූල්‍ය විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago