Local

තරුෂිගේ ඔලිම්පික් සිහිනය බොඳ වීමේ අවධානමක් !

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියෙහි අවසන් දිනය වූ ඊයේ (27දා) දිනයේදීද අපේක්‍ෂිත දක්‍ෂතා අතරට ඒමට ක්‍රීඩක-ක්‍රීඩිකාවන් කිසිවකුට නොහැකි විය.

ඒ අනුව ඊයේ දිනයේදී බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබූ මීටර් 800 කාන්තා අවසන් තරගයට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ පළමුවැනියා ලෙස තරගය අවසන් කළද පැරිස් ඔලිම්පික් කඩඉම අසලකටවත් ඒමට ඇයට අවකාශය නෙැලැබිණි. එහිදී ඇය එම ඉසව්ව වි.2.04.22කින් අවසන් කළද එම ඉසව්වේ මෙවර ඔලිම්පික් පරිසාධන මට්ටම වී තිබුණේ වි.1.59.30කි.

කෙසේ වෙතත් තරුෂි ඇතුළු ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙනුවෙන් මේ මස 30 වැනි දින කොළඹදී පැවැත්වෙන අවසන් තේරීම් තරගයට සහභාගි වී ඔලිම්පික් සුදුසුකම් සපුරා ගැනීමේ අවස්ථාවක් හිමිව ඇති අතර, එහිදීද එම කාලයන් තරණය කිරීමට කිසිවකුට අවකාශය නොලැබුණහොත් ‘වයිල්ඩ් කාඩ් (සහනදායී) ක්‍රමය යටතේ එක් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇතැයිද සඳහන්ය.

එසේම ඊයේ පැවැති පිරිමි මීටර් 100 ඉසව්වෙන් තත්. 10.44ක කාලයක් සටහන් කරමින් පළමුවැනියා බවට පත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ වයි.සී.එම්. යෝධසිංහට අවකාශය සැලසිණි.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ මෙතෙක් වාර්තා වූ පළමු ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිය බවට පත්වීමට එන්.දක්‍ෂිතා සමත්ව තිබිණි. ඒ අනුව රිටි පැනීමේ කාන්තා ඉසව්වට සහභාගි වූ ඇය එහිදී මීටර් 3.72ක දක්‍ෂතාවක් දක්වමින් 2022 වසරේදී සචිනි පෙරේරා විසින් තබා තිබූ මීටර් 3.65ක පසුගිය ශ්‍රී ලංකා වාර්තාව අකා මකා දැමීමට සමත්වූවාය.

මේ අතර ඊයේ මීටර් 200 පිරිමි ඉසව්වේ දෙවැනි තැන දිනූ ඉඳුසර විදූෂාන් තත්. 21.14ක කාලයක් සටහන් කරමින් නව කනිෂ්ට ජාතික වාර්තාවක් තැබූ අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ.එස්.එම්.සෆාන් තත්.21.05ක කාලයක් සටහන් කරමින් එම ඉසව්වේ පළමුවැනියා බවට පත්විය.

තුෂරි සිංහාරමුදලිගේ

Share
Published by
තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago