Local

නීතිපතිතුමා විශ්‍රාම යාම නිවේදනය කරයි – සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව දෙවරක් ප්‍රතික්ෂේප වෙලා !

තමන් නීතිපති ධූරයෙන් විශ්‍රාම යන බව නීතිපති සංජය රාජරත්නම් මහතා නිවේදනය කොට තිබේ.

ඔහුගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර නොතිබිණ.

සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පස්වරුවේ යළි රැස්විය.

කථානායක නිල නිවසේ දී පස්වරු 6 ට පමණ ආරම්භ වූ රැස්වීම පැය දෙකක පමණ කාලයක් පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු නීතිපතිවරයාගේ සේවා දිගුවක් අනුමත කිරීමට සභාවට බලයක් නොමැති බවට තීරණය කළ බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. –

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago