ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලැබූ තරුණ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(25) අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
මෙහිදී අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසා සිටියේ මෙරට සංවර්ධනය වෙනුවෙන් තරුණ තරුණියන්ගේ දායකත්වය මනා පිටුවහලක් වන අතර රට ඉදිරියට ගෙනයාමේ තීන්දුව ගැනීමේ වගකීම තරුණයින් සතුවන බවයි.
තව ද මීට වසර එකහමාරකට පෙර තරුණ තරුණියන්ට ජාතික තරුණ සේවා සභාව කෙරෙහි විශ්වාසයක් නොතිබුණ නමුත් අද වන විට විශ්වාසයක් ඇති වී තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ජාතික තරුණ සේවා සභාව විසින් සෑම දිස්ත්‍රික්කයකම සංවිධානය කරනු ලබන Smart Youth Exhibition වැඩසටහන මඟින් තරුණ ව්‍යවසායකයින් වෙත ණය පහසුකම් ලබාදෙන අතර අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ සංචාරක කලාපය තුළ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර ගැනීමට අම්පාර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට එමඟින් අවස්ථාව පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…