18 හැවිරිදි සිසුවා නිවසේදී වෙඩි තබාගෙන සියදිවි හානි කර ගනී !

2
2 Min Read

ගම්පොළ උලපනේ පදිංචි උසස් පෙල සිසුවෙකු නිවසේදී ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කේ.එම්.ආර්.ජී. කුලසේකර නැමැති දහ අට හැවිරිදි සිසුවෙක්.

ඔහු ගණිත අංශයෙන් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙන අගත් අයෙකි.

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දෙරගුලුලාගත් අදාල සිසුවා පියා සඟවා තිබු ගිනි අවියක් සොයාගෙන එය සමගින් කාමරයේ පුටුවක වාඩි වී මෙම වෙඩි තබා ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම වෙඩි තැබීමෙන් පසු අදාල සිසුවාගේ හිසේ පසුපසට බරපතළ හානි සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මව පියා සේවාවන් සහා නිවසින් පිටත්ව ගිය පසු සොයුරා සමග මොහු නිවසේ සිට ඇති අතර සොහොයුරාද සේවය සඳහා යාමට සූදානම්ව උදෑසන 10ට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර විවෘත කිරීමේදි මෙම සිදුවීමට දැක තිබෙනවා.

ඔහු ඒ පිලිබඳව පසුව පොලීසිය වෙත දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව සාමාන්‍ය පෙල සමත්ව ඇති අතර නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කර ගැනීමට නොහැකි වී යැයි බියක් තිබී ඇති බවද සඳහන්.

එමෙන්ම මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිදුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබෙන බවත් සඳහන්.

තවද අදාල සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවත් විභාගය පිළිබඳව සිතා සිටීමෙන් මෙහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවත් පොලීසිය සැක පළ කරනවා.

ගම්පොල මහේස්ත්‍රාත්වරිය සිද්ධිය පිලිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

Share This Article
Leave a comment