ජූනි 22 වැනි දින සීෂෙල්ස් හි වික්ටෝරියා හිදී අවසන් වූ සීෂෙල්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දින බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හය දෙනෙකුගෙන් යුත් බොක්සිං කණ්ඩායම ඔවුන්ගේ ආරාධිත සංචාරයේදී පදක්කම් හයක් දිනා ගත්හ.
රටවල් පහකින් සමන්විත මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ පී.එස්. ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 69 වෙල්ටර් බර පංතියෙන් රන් පදක්කමක් දිනාගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සී.ඩී.උදයකුමාර කිලෝග්‍රෑම් 71 සැහැල්ලු මැද බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේය.
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ජේ.එම්.ටී දේශාන් සහ ජී.සී පත්මසිරි යන ක්‍රීඩකයින් දෙදෙනාම කිලෝග්‍රෑම් 75 මධ්‍යම බර පංතියෙන් රිදී පදක්කම් දිනා ගත්හ.
මීට අමතරව කිලෝ ග්‍රෑම් 80 බරපන්තියෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකා පොලීසියේ ජී. පී. රත්නසිරි සහ රාජකීය විද්‍යාලයේ යොවුන් වයස් කාණ්ඩය නියෝජනය කරමින් මලින් බණ්ඩාර ලෝකඩ පදක්කම් දිනාගෙන තිබේ.
ජාත්‍යන්තර බොක්සින් තරඟාවලියකදී ඔවුන් දැක්වූ විශිෂ්ට දස්කම් ලාංකීය ජාතිය අභිමානයක් එක් කරන ලදී. එය ලංකා බොක්සින් ක්‍රීඩාවේ අභිද්ධියට හේතුවක් වනු ඇති.
ජයග්‍රාහී බොක්සින් කණ්ඩායම හෙට (26) අලුයම දිවයිනට පැමිණීමට නියමිතය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…