Local

විජයදාස රාජපක්ෂට අධිකරණ සේවා සංගමයේ විරෝධය ! (නිවේදනය)

අපක්ෂපාතී විනිසුරුවන් අපකීර්තියට පත්කිරීමේ අඛණ්ඩ උත්සාහයක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, පසුගියදා පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ අධිකරණයට එරෙහිව සිදුකළ ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.

පාර්ලිමේන්තුව අමතමින් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පහළ අධිකරණවල දූෂණ ක්‍රියා සිදුවන බව සඳහන් කළේය.

මෑතකදී අධිකරණයට එරෙහිව පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශ මීට උදාහරණ බවද එම සංගමය පෙන්වාදෙයි.

එම විවේචන අසත්‍යයෙන් සත්‍ය වෙන්කර නොගෙන අමාත්‍යවරයාගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක්කර ඇති නඩුකරවලදී අදාළ අධිකරණ නීත්‍යානුකූලව ලබාදුන් තීන්දු සහ නියෝග වලින් අතෘප්තියට පත්වීම මත සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව අධිකරණ සේවා සංගමය පවසයි.

පාර්ලිමේන්තු සභාව තුළ දී අධිකරණ පද්ධතිය හෑල්ලු වන ප්‍රකාශ සිදුකිරීමෙන් ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අනවශ්‍ය ගැටුමක් ඇතිකිරීමට හේතුවිය හැකි බවත් එවැනි තත්ත්වයන් කොන්දේසි විරහිතව පරාජය කළ යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමය පෙන්වාදෙන්නේ, මෙවැනි ප්‍රකාශ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් ඇති කළ හැකි බවයි.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago