අවුරුදු 16ක දැරියක් දූෂණයට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකුට වසර 30ක සිරදඬුවම් නියම කර තිබේ.
පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් අද (24) ඔහුට එම සිරදඬුවම් නියම කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
මොරටුව, ලක්ෂපතිය, කනගරත්න මාවත ප්‍රදේශයේ පදිංචි රජීව රවිනාත් ජයතිලක නමැති 38 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ දඬුවම් නියම කෙරිණි.
විත්තිකරු 2021 ජනවාරි සහ මාර්තු මාස අතරතුර කාලය තුළ 16 හැවිරිදි දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා තුනක් යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එකී චෝදනා තුනෙන් එක් චෝදනාවකට එම සැකකරු නිදොස් කොට නිදහස් කර ඇති අතර, චෝදනා දෙකකට වරදකරු කර තිබේ.
එකී සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 50,000 දඩ මුදලක්ද වින්දිත දැරිය වෙත රුපියල් 500,000ක වන්දියක් ගෙවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 18ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියම කර තිබේ.
විත්තිකරුට තවත් ලිංගික අතවර චොදනාවක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය වෙතින් නියම කළ අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක්ද බලාත්මක කිරීමට මෙහිදී නියෝග කර තිබේ.
සිරදඬුවම් කාලය වසර 15 බැගින් වෙන් වෙන්ව අවස්ථා දෙකකදී ගෙවීයන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදි.
ඒ අනුව විත්තිකරු දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් ඔහු විසින් විඳිය යුතු මුළු සිරදඬුවම් කාලය වසර 34 ක් බව අධිකරණයේදී අනාවරණය විය.
විත්තිය සහ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥයින් පෙනී සිටියේය.
පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…