Local

පොසොන් පොහොයට සිල් සමාදන් වී නිවසට පැමිණි කාන්තාවට අත් වූ ඉරණම මෙන්න !

ගෝනපිටුවල සාමගම, අලුත්වල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක්ව ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට කර ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.

මෙම කාන්තාව අවිවාහක තැනැත්තියක් වන අතර ඇය සිය සහෝදරයාගේ පුතා සමග වසර කිහිපයක් මෙම නිවසේ පදිංචිව සිට ඇත.මෙම කාන්තාව පසුගිය පොසොන් පොහොය දිනයේ සිල් සමාදන් වී නිවසට පැමිණිමෙන් පසු ඇයට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මෙම කාන්තාව ඝාතනය වූ ස්ථානයේ තිබී ඇයට පහර දුන් බවට සැක කෙරෙන පොල්ලක්ද පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයා‌ගෙන ඇත.මෙම කාන්තාවගේ සහෝදරයාගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක කරයි.ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

ඒ අනුව පොලීසිය පවසන්නේ පොසොන් පොහොය දිනයේ (21) සවස් කාලයත් ඊයේ දිනයේ (23) උදෑසන කාලයත් අතරතුර මෙම ඝාතනය සිදුකර ඇති බවය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගෝනපිනුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago