මව සහ සොයුරා ඝාතනය කළ 20 හැවිරිදි තරුණයෙක් පිළිබඳව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුවොට්ටියූර් ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වෙනවා.
මෙම ඝාතනය සිදු කළ තරුණයා උපාධි අපේක්ෂකයෙක් වන අතර තමාට විභාගයෙන් ලකුණු අඩුවීම හේතුකරගෙන මව නිතර නිතර බැන වැදීම නිසා මෙම ඝාතනය සිදුකළ බවයි ඔහු සඳහන්කර තිබෙනවා.මෙම තරුණයා සිය පුංචි අම්මාට යැවූ කෙටි පණිවිඩයක් තුළින් මෙම ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම්. පද්මා (45) සහ ඇයගේ බාල පුත්‍රයා වන 10 වැනි පන්තියේ ඉගෙනුම ලැබූ එම්. සංජය (14) නමැති සහෝදරයායි.
ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ සැමිය ඕමානයේ දොඹකර ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරනු ලබයි.
කෙසේ වෙතත් මෙම අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර මුහුදු වෙරළේ නිදාගෙන සිටියදී ඔහු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තරුණයා පැවසුවේ තම පියා උපයන මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් මව නිතර පැවසූ බවත් පවුලේ වගකීම තමන්ට භාර ගැනීමට සිදුවීම පිළිබඳව තමන් දැඩි කණස්සල්ලෙන් සිටි බවයි.එම හේතුව නිසාම ඔයාට අධ්‍යාපන කටයුතුද මගහැරුණු බවයි ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශකර සිටියේ.
එම නිසා දැඩි ආතතියෙන් සිටි ඔහු මෙම අපරාධය සිදුකර තමන්ද සියදිවි නසාගැනීමේ තීරණයක සිටි බවයි සැකකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…