Local

ජිල් බෝලවත් ගහපු නැති අය ක්‍රීඩාව ගැන කතා කරන්න සුදුසු නෑ – හරීන්ගෙන් සැර ප්‍රකාශයක් !

තමා ක්‍රීඩා ඇමතිවීමෙන් පසුව පැවැත්වූ ක්‍රිකට් තරග 12 න් 7 ක්ම ජයග්‍රහණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ලෝක කුසලානයේදී තරග දෙකක් පමණක් පරාජය වූ බවත් එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු බවයි අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රටක් වශයෙන් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන්ට උදව් කළ යුතු බවත් සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කරමින් ජිල් බෝලයක් හෝ ගසා නොමැති පුද්ගලයින් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බවට යමෙක් ප්‍රකාශ කරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago