Local

ඉන්ධන මිලෙහි දැවැන්ත අඩු වීමක් ?

ඉදිරි සති කිහිපය තුළ මෙරට ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඒ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන ලාභය අඩු කිරීමට තීරණය කිරීම හේතුවෙන්.

මේ වනවිට මෙරට තුළ ඉන්ධන සමාගම් කිහිපයක් සිය අලෙවි කටයුතු සිදු කරන නමුත් ඉන් තමන්ට කිසිදු සහනයක් නොමැති බවයි, ජනතාව චෝදනා කළේ.

ඒ අනුව ඉදිරියේ දී ඉන්ධන මිල දැවැන්ත ලෙස අඩු කිරීමට රජය කටයුතු කර ඇති බවයි, බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ.

මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල අඩු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.71ක්.WTI වර්ගයේ බොර තෙල් බැරයක් අලෙවි කරන්නේ ඩොලර් 80.33කටයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago