Local

ලිංගාශ්‍රිත රෝගවල වැඩි වීමක් – ලිංගිකව හැසිරෙන තරුණ තරුණියන්ට රතු එළියක් !

සෑම වසරකදීම ඊට පෙර වසරට සාපේක්ෂව වාර්තා වන ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙනු ලබනවා.

ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ පැවසුවේ, ඉකුත් 2022 වසරේ සොයා ගත් රෝගීන්ගේ සංඛ්‍යාව 604ක් වූ අතර ඉකුත් 2023 වන විට එම සංඛ්‍යාව 690 වී තිබෙන බවයි.

එය සියයට පහළොවක වැඩිවීමේ ප්‍රතිශතයක් වන අතර විශේෂයෙන්ම තරුණ පිරිස් අතර මෙම රෝග බහුලව ව්‍යාප්ත වන බවක් දක්නට ඇති බවත්, වාර්තා වන රෝගීන් වැඩි පිරිස අවුරුදු 29 ට අඩු බවත් , වෛද්‍යවරයා කියා සිටියා.

අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලදී උපත් පාලන කොපු භාවිත කිරීමට ඔවුන් දක්වන මැළිකම මෙවැනි රෝගීන් වැඩි වීමට හේතු වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින්, කණ්ඩායම් වශයෙන් ලිංගික හැසිරීම්වල යෙදීමේ වැඩි නැඹුරුවක් ඇති බවත්, එවන් අවස්ථාවලදී උපත් පාලන කොපු භාවිත කිරීමක් නොවන නිසා ලිංගාශ්‍රිත රෝග වැඩිවශයෙන් බෝ විය හැකි බවයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

11 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

12 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago