හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බව හංවැල්ල පොලිසිය පවසනවා.
මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් අද (21) සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය කියයි.
මෙම අතවරයට ලක් වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් පොසොන් පොහොය දින වූ අද උදෑසන ඇයගේ පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් පසුව පොත් කඩයකට යන බවට පුංචි අම්මාට පවසා සිය පෙම්වතා හමුවීමට ගොස් ඇතැයි පොලිසිය පවසයි
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…