Local

අත් බෝම්බයක් සමග දරුවෙක් අමතර පන්ති ගිහින් !

පාසල් දරුවකු අහුලාගත් අත්බෝම්බයක් රැගෙන අමතර පන්තියකට ගොස් ඇති බව වාර්තා වනවා.

දරුවා හසලක පහේ ඇළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි හසලක පොලිසිය පවසන්නේ.

රැගෙන ගිය බෝම්බය පෞද්ගලික පන්ති ගුරුවරයාට පෙන්වා තිබෙන අතර, ඔහු විසින් එය ආරක්ෂිතව පොලිසිය බාරදී තිබෙනවා.

මෙම සිසුවා හසලක, පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් දරුවකු බවයි සඳහන් වන්නේ.

නිවෙස ආසන්නයේ ඇති ඇළක දිය නාමින් සිටිය දී මෙම ජීව අත්බෝම්බය හමු වූ බව සිසුවා පොලිසියට පවසා තිබුණා.

කිසිවෙකුටත් මේ බව නොපවසා කිලෝ මීටර් 5ක් පමණ දුරින් පිහිටි උපකාරක පන්තියකට ගොස් එහි ගුරුවරයාට පෙන්වා මේ බව කියා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

පසුව එම ගුරුවරයා මැදිහත්ව අත් බෝම්බය පොලිසියට බාරදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට ජීව අත්බෝම්බය විශේෂ කාර්ය බළකාය වෙත භාරදී නිෂ්ක්‍රීය කිරීමට අවශ්‍ය පියවර ගත්බව පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවා.

Team CNF

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

6 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

8 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago