Local

පියුමිගෙ රේන්ජ් රෝවරය ගෝඨාභය පරිහරණය කළ එකක් – පියුමිගෙ වත්කම් විමර්ශනයෙන් අනාවරණය වූ දේවල් මෙන්න !

නිරූපන ශිල්පී පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භකර ඇත.

රුපියල් මිලියන 78කට රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් මිලදී ගැනීම, රුපියල් මිලියන 148 කට කොළඹ 07 තට්ටු නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගැනීම සහ බැංකු ගිණුම් 20ක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භකර තිබේ.

මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකරනු ලැබීය.

බැංකු ගිණුම් 20 ඇයටම අයත් ඒවා නොවන අතර එම ගිණුම්වලින් බහුතරයක් ඇගේ සමීපතයින්ගේය.

පියුමි හංසමාලි විශාල වත්කම් සහ ධනස්කන්දයකට මේ වනවිට උරුමකම් කියන බවත් එම වත්කම් මිලදී ගැනීම සදහා ඇති ආදායම් මාර්ගය බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඇයට අයත් රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් බවය.

ඉතා කෙටි කලක් තුළ ඇයට එම ආයතනයෙන් මෙතරම් විශාල ධනස්කන්දයක් උපයා ගැනීමට හැකියාව තිබේදැයි අපරාධ පරීක්ෂණ සැකකරමින් එම ආයතනය සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්කර ඇත.

පියුමි හංසමාලි සතුව ඇතැයි කියන රේන්ජ් රෝවර් රථය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එය ඇය විසින් මිලදී ගෙන ඇත්තේ යම් සමාගමකින් බවය.

එම සමාගම් අධ්‍යක්ෂකවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ 2019 වසරේදී එංගලන්තයෙන් ආනයනය කළ එම රථය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණයට ලබාදී තිබූවක් බවය.

එම වාහනය විකිණිමට පලකරනු ලැබූ දැන්වීමකට අනුව පියුමි හංසමාලි 2023 වසරේදී එය මිලදීගත් බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කොළඹ 07න් සුපිරි නිවසක් පවා ඇය මිලදී ගෙන ඇත්තේද මේ කාලය තුළදී බව විමර්ශනවලින් හෙළිවී ඇත. එම නිවස මිලියන 148ක් වටිනා එකකි.

මෙවැනි තවත් විශාල වත්කම් ප්‍රමාණයක් පියුමි හංසමාලිට ඇති බවත් ඒ හැම වත්කමක් ගැනම විමර්ශන පවත්වමින් ඒවා නීත්‍යානුකූලව උපයාගත් ඒවාදැයි විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Team CNF

View Comments

  • Dollar Hadanda Machine Aeykak Thiyenawa ney,??
    Aeykata PUNYA LABEYWAA.

    Muhudey Ships Giyata,
    Paarawal Hitinawada ANEY

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago