මගී ප්‍රවාහන අධිකාරියේ තිදෙනෙක් ලොකු පුටුවලට යන්න හොර සහතික දීලා – කෝප් කමිටුවේදී හෙළි වෙයි

340 Views
1 Min Read

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර එම තනතුරු ලබාගෙන ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී තිබෙනවා.

මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට නියෝග කරනු ලැබීය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා රැස්වුණු අතර මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

Share This Article
Leave a comment