හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්දිය ආසන්න ප්‍රදේශයක දී මෝටර් රථයක් කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන ජල නලයක වැදී අද (17) අළුයම සිදුවුන අනතුරක් හේතුවෙන් නලයක් පුපුරා ගොස් තිබේ. ජල නල සැපයුමට සිදු වූ හානිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.
ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ජල නලයේ ගැටීමෙන් පසු යළිත් විසි වී පැමිණ මාර්ගයට ම වැටී ඇතැයි පොලිසිය කියයි. ඒ වනවිට නිකුත් වූ අධික පීඩනය සහිත ජල දහරාවෙන් අසල තිබූ විදුලි රැහැන් පද්ධතියක කනුවක් ද ගැලවී ගොස් තිබේ.
අද (17) අලුයම අධික පීඩනයක් සහිතව ජලය විශාල ජල කඳක් ලෙස ඉහළට ඇදුන නමුත් මේ වන විට තත්වය පාලනය වී තිබේ. අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමගම මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…