ඊයේ (15) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී කළුතර, ගමගොඩ ප්‍රදේශයේ තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙක්.
පොලිසිය සඳහන් කළේ මෙම සංගීත ප්‍රසංගයට පැමිණි තරුණයා, ඔහු සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේම සේවය කරන තවත් තරුණියක සමග එහිදී නර්තනයේ යෙදී ඇති අතර, එම තරුණියගේ සැමියා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙන බවයි.
අනතුරුව ඇය සමග නර්තනයේ යෙදීම සම්බන්ධයෙන් උරණ වූ සැකකාර සැමියා විසින් සඟවාගෙන පැමිණි තියුණු ආයුධයකින් 20 හැවිරිදි මෙම තරුණයාගේ ගෙල එම ස්ථානයේදීම කපා ඝාතනයට ලක් කර තිබෙනවා.
සිදුවීමට සම්බන්ධ සැකකාර සැමියා සමග දින කිහිපයකට පෙර සිදු වූ පවුල් ආරවුලකින් අනතුරුව තරුණිය ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 25ක් වූ සැකකාර සැමියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…